කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්
දුක් පීඩා විදිනා විටදී .
"තවද දෙවියන් වහන්සේගේ මහිමයේ බලාපොරොත්තුවෙහි අපි ප්‍රීතිමත් වෙමු.
එපමණකුත් නොව, පිඩා විඳීමෙන් ඉවසිල්ලද,
ඉවසිල්ලෙන් සහතික කමද,
සහතික කමෙන් බලාපොරොත්තු වීමද උපදින බව දැන,
අප විඳින පිඩාවලදී පවා ප්‍රීතිමත් වෙමු.
බලාපොරොත්තුව ලැජ්ජාවට නොපමුනුවන්නේය.
මක්නිසාද අපට දෙන ළද ශුද්ධ ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන
දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හදවත් වලට වගුරුවන ලද්දේය".
-රෝම 5:3-4
මිනිසුන් හැටියට මෙලොව ජිවත්වන අප සියලු දෙනාගේ ජීවිතවලට නොසිතු ලෙසින් නොයෙක් ආකාරයේ වේදනා සහ අමාරුකම්ද පැමිණෙයි. එවැනි දෑ ජීවිතය තවදුරටත් අපහසුතාවයට පමණක් නොව නුමුත් අධෛර්යටද පත්කරයි.
බලාපොරොත්තු නොවන අවස්ථාවන් වලදී බලාපොරොත්තු නොවූ ආකාරයේ අභියෝගයන් ජිවිතයට පැමිණීමේ හේතුවද ජිවිතය වේදනාකාරී එකක් බවට පත්කරයි. මෙවැනි අවස්තාවලදී ඒවා ඉදිරියේදී සතුටුවීම අපහසු කාරණයක් වන්නේ ඒවා ජිවිතයට වේදනාව ගෙණෙන සතුරන් සේ දැකීමයි. එබැවින් එවැනි වේදනාකාරී සිදුවීම්, අභියෝග මෙන්ම අත්දැකීම්ද අපට දැනෙන්නේ අපට එරෙහිව නැගීසිටින සතුරන් ලෙසයි.
ජිවිතයට නොනවත්වා පැමිණෙන දුක් කන්දරාවන් වෙනුවෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු වන විට බොහෝවිට ඒවා අපව කෝපයටද පත්කරයි. ඒවා සිත තුළ සහනය හෝ සමාදාණය නොමැති වාතාවරණයක් මතුකරයි. වේදනාව ඉදිරියේ ඇති කෘරත්වය දෙවියන්වහන්සේ ගැන විශ්වාසය හෝ බලාපොරොත්තුව තැබීමට පවා අපහසු කරයි. ඒවා අපගේ ඇදහිල්ලද දුර්වල කරයි, ඉදරිය ගැන ඇති බලාපොරොත්තුව නසාදමයි. එවිට අපි දෙවියන් අදහන ඇදහිලිවන්තයන් වුවත් අසරණ වෙයි.
වර්තමානයේ අප ජිවත්වන මේ සමාජය දිනපතා ජිවිතයට හමා එන දුක් වේදනාව දෙස අළුත් ආකාරයකින් බැලීමටද පුරුදුව සිටියි. මේ පිළිගැනීම වන්නේ; "දෙවියන්වහන්සේ ඇති තැන දුක් පීඩාව නොමැත" යන පිළිගැනීමයි. එයින් අදහස් වන්නේ දෙවියන්වහන්සේ අදහන්නේ නම් හෝ දෙවියන් සමග අපි සිටගෙන සිටිනවා නම්, දුක් පිඩා වලට හෝ කරදර බාධා වලට ඉඩක් නොමැත යන පිළිගැනීමයි.
සමහරවිට ඔබත් එවැනි පිළිගැනීමක එල්බගෙන සිටිනවාද විය හැකියි. නුමුත් ඇදහිලිවන්තයන් හැටියට අප මුහුණ දෙන මේ වාතාවරණ දෙස දේව වචනය තුලින් බලනවිට බයිබලයේ ඇති ඉගැන්වීම ඒ ගැන පවසන්නේ එහි අනික් පැත්තයි. බයිබලයේ ඇති ඉගැන්වීම පෙන්වාදෙන්නේ දුක වේදනාව මොලොව ජිවිතයේ කොටසක් බවයි.
ජිවිතයට එදිනෙදා පැමිණෙන දුක කරදර අමාරුකම් මෙන්ම අනේකාකාර පීඩාවන් වලටත් මුහුණදුන් පාවුල්තුමා අත්දැකීමෙන් ඒ ගැන පවසා සිටින්නේ; දැන් අපි ක්‍රිස්තුස් වහන්සේ තුලින් දෙවියන් අදහන දේව දරුවන්ද වන නිසා, ජිවිතයට හඹා එන ඕනෑම ආකාරයක දුක් වේදනා හෝ කරදර තුලදී ඒවා තුලින් අපට දෙවියන්වහන්සේගේ අප්‍රමාණ කරුණාව මෙන්ම බලයද අත්දැකීමට හැකි වන නිසා ඒ ගැන සිතා අප තුල ජිවත්වන දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේ විශ්වාස කරමින් උන්වහන්සේ සමග ඒවාට මුහුණ දීමට ඉගෙන ගන්නා ලෙසයි.
"තවද දෙවියන් වහන්සේගේ මහිමයේ බලාපොරොත්තුවෙහි අපි ප්‍රීතිමත් වෙමු. එපමණකුත් නොව, පිඩා විඳීමෙන් ඉවසිල්ලද, ඉවසිල්ලෙන් සහතික කමද, සහතික කමෙන් බලාපොරොත්තු වීමද උපදින බව දැන, අප විඳින පිඩාවලදී ප්‍රීතිමත් වෙමු. බලාපොරොත්තුව ලැජ්ජාවට නොපමුනුවන්නේය. මක්නිසාද අපට දෙන ළද ශුද්ධ ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හදවත් වලට වගුරුවන ලද්දේය".
පාවුල් තුමා මෙහිදී විශේෂයෙන් මිනිසුන් විසින් සැලසුම් සහගතව අප වෙත එල්ල කරන පීඩාවන් ගැනත් කථා කරනු ලැබුවත්, එයට එදිනෙදා ජිවිතයේ අපි මුහුණ දෙන අනෙක් සියලු වේදනාවන් සහ දුක් කරදරද ඇතුලත් වෙයි. එබැවින් ජිවිතයට එල්ලවන ඕනෑම අභියෝගයක් ඉදිරියේදී ඒවා නිසා දෙවියන්වහන්සේගේ පිහිට සොයනවා වෙනුවට පාවුල් තුමා අපිට මතක් කරදෙන්නේ දෙවියන්වහන්සේ ගේ ආත්මයාණන් වහන්සේ සමගින් ඒවාට මුහුණ දෙන්නට ඉගෙන ගන්නා ලෙසයි. ඒ වෙනුවෙන් දෙවියන්වහන්සේ විසින් අපිට දෙන ලද සියලු ආත්මික යුධ ආයුද ද පැළඳගෙන දෙවියන්වහන්සේ සමගින් ඒ සතුරාට මුහුණ දෙන ලෙසයි.
"එබැවින් නපුරු දවසේදී විරුද්දව සිටින්නටත්, සියල්ල සම්පුර්ණ කරගෙන ස්ථිරව සිටින්නටත් පුළුවන් වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුධ ආයුද පැළඳ ගන්න. ඒ තුලින් ස්වාමින්වහන්සේ තුලද උන්වහන්සේගේ ශක්තියේ බලවත් කමෙහිද බලවත් වන්න. යක්ෂයාගේ උපාය වලට විරුධව සිටින්නට නුඹලාට පුළුවන් වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධ ආයුද පැළඳ ගන්න." - එපිස 6: 10- 20
දෙවියන්වහන්සේ විශ්වාස කරමින් උන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේ සමගින් අපි දුක් වේදනා සහ කරදර වලට මුහුණදීමට තීරණය කරණ විට ඒ සතුරා අපට මිතුරෙකු ලෙසින් වෙනස්කර දීමට උන්වහන්සේට හැකි වන්නේ, උන්වහන්සේ දෙවියන්වහන්සේද වන නිසායි.
"බලාපොරොත්තුව ලැජ්ජාවට නොපමුණු වන්නේය" යන හේතුවද පෙන්වාදෙමින් පාවුල් තුමා අපට මතක් කරදෙන්නේ ද ඒ ගැනයි. ඇදහිලිවන්තයා ජිවිතයට මුහුණ දෙන්නේ තනිව නොව නුමුත් අප තුල ජිවත්වන ඒ දෙවියන්වහන්සේගේ ආත්මයත් සමගින් බව අප කිසිවිටෙකත් අමතක නොකළ යුතු බවත් පවුල් තුමා මෙහිදී සියලු ඇදහිලිවන්තයන්ට මත්කර සිටියි.
ජිවිතයට හඹා එන දුක වේදනාව තුරුළු කරගැනීම අපහසු වන්නේ ඒවා වේදනා කාරී වන නිසාම වුවත් පාවුල් තුමා පැහැදිලි කරන අයුරින් ඒවා දෙවියන්වහන්සේගේ බලය අත්දැකීමට හැකි අවස්ථාවන් කරගැනීමටත් ඇදහිලිවන්තයන්ට හැකිවෙයි. එවිට ඒ අත්දැකීමේ අවසාන ප්‍රතිඵලය අප දකින්නේ වෙනස් ආකාරයකටයි.
නුමුත් එය කල හැකිවන්නේ කෙසේදැයි කියා දැනගැනීමට නම් පළමුවෙන්ම ඇදහිලිවන්තයන් වන අපිට ඒ ගැන පෙන්වාදෙන "දෙවියන්වහන්සේගේ වචනය" ගැනත් පැහැදිලි අවබෝධයක්ද තිබිය යුතුයි. හේතුව දෙවියන්වහන්සේ තුලින් ජීවිතය ජයගැනීමට හැකි රහස මෙන්ම ඒ ජයග්‍රහණය ලඟා කරගන්නේ කොහොමද යන මඟපෙන්වීමත් පැහැදිලි කරදී ඇත්තේත් දෙවියන්වහන්සේගේ වචනය වීමයි.
ඇදහිලිවන්තයන් වන අපි ඒ ගැන පවසා ඇති දෙවියන්වහන්සේගේ ඉගැන්වීම හරි හැටි නොදන්නේ නම්, ඒ අත්දැකීම යථාර්තයක් කරගැනීමේ රහස මෙන්ම ඒ ජයග්‍රහණය වෙත ලඟා වන්නේ කෙසේදැයි යන මාර්ගයත් අප නොදනියි. දේව වචනය කියවා දැනගැනීමේ වගකීම අප පිට පැවරෙයි.
එබැවින් දෙවියන්වහන්සේගේ වචනය පෙන්වාදී ඇති සත්‍යය ගැන පැහැදිලි අවබෝධයක් නොමැතිව පාවුල් තුමා පෙන්වාදෙන මේ සතුරා මිතුරෙක් බවට පෙරලා ගැනීමට අපට හැකි නොහැකි බව අපි තේරුම් ගත යුතයි. හේතුව එය ක්‍රියාවට නැගෙන්නේ දිනපතා අප උන්වහන්සේගේ වචනයට දක්වන කීකරුකම සහ ඒ කීකරුකම තුලින් අප තුල ක්‍රියාත්මක වන ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයාණන් වහන්සේගේ මඟපෙන්වීම තුලින්ද වීමේ හේතුවයි.
දෙවියන්වහන්සේ හාස්කම් කරනවා යන අත්දැකීම අත්දැකීමට පළමුවෙන් හාස්කමක් සිදුවීමට අවශ්‍යය වාතාවරණයද අවශ්‍යය වෙයි. එබැවින් හාස්කම අත්දැකීමට පළමුවෙන් ඒ හාස්කමට මුල්වන අභියෝගය තුලින්ද අපට යාමට සිදුවෙයි. එවිට පමණක් හාස්කමක් අත්දැකීමට හැකි වාතාවරණය අප ඉදිරියේ නිර්මාණය වෙයි.
එසේම දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම සොයමින් උන්වහන්සේ සමගින් ඒවාට මුහුණ දෙන්නේ නම් පමණක් අපිට ඒවා තුලින් උන්වහන්සේ අපව ගෙනයන ආකාරය අත්දැකීමට හැකිවෙයි. දාවිත් රජු මරණ සෙවනේ මිටියාවතේ යමින් සිටියේදී දෙවියන්වහන්සේගේ සැනසිල්ල අත්දුටුව බව පවසයි. එයින් පැවසෙන්නේ ඔහු දෙවියන්වහන්සේගේ සැනසිල්ල අත්දුටුවේ මරණ සෙවනේ යමින් සිටියේදී යන තේරුම නොව නුමුත් උන්වහන්සේ සමගින් එයට මුහුණ දීමේදී ඒ තුල උන්වහන්සේද ඔහු සමග සිටිමින් ඔහුට ඒ තුලින් ගමන් කිරීමට අවශ්‍යය මඟ පෙන්වීම ලබාදුන් ආකාරය ගැන ඔහු අත්දුටුව අත්දැකීම ගැන පැවසීමයි.
අභියෝගවලට මුහුණදීමේදී පමණක් අපිට දෙවියන්වහන්සේගේ බලය සහ හාස්කම මෙන්ම උන්වහන්සේගේ කරුණාව සහ ප්‍රේමයත්, එසේම ඒවා තුලදී උන්වහන්සේ මඟ පෙන්වන ආකාරය සහ ක්‍රියා කරන ආකාරයත් තේරුම් ගැනීමට මඟ සැලසෙයි. ඒ ගැන උදාහරණ බයිබලය පුරාම ලියවී තිබෙයි.
ඉශ්රායෙල් වරුන්ගේ අතීත කථාව මෙන්ම බයිබලයේ ඇති ගීතාවලිය තුළින් පවා කරණ ප්‍රශංසාව පිටුපස ඇති හේතුව වන්නේද ඒ ගැනයි. ඉශ්රායෙල් සෙනග රතු මුහුද ඉදිරියේදී ඇති වූ ඒ අභියෝගයට මුහුණ නොදුන්නේ නම්, රතු මුහුද මැදින් යෑමේ හාස්කම අත්දැකීමට හැකිවූ ඒ අවස්තාවද ඔවුන්ට නොලැබෙයි.
ජිවිතයට හඹා එන දුක් වේදනා ගැන පාවුල් තුමා පවසා සිටින්නේද ඒ අදහසයි. ඒවා අපට නව ආකාරයකට දෙවියන්වහන්සේගේ බලය අත්දැකීමට හැකි මාර්ග ලෙසින් වෙනස්කර ගැනීමටත් හැකි බව ඔහු පෙන්වාදෙයි.
දුක් වේදනාව හෝ පරික්ෂාව කිසිවිටෙකත් දෙවියන්වහන්සේ කෙරෙන් නොපැමිණෙන බව යාකොබ් තුමා පැහැදිලිව අලුත් ගිවිසුමේ පෙන්වාදෙයි (යාකොබ් 1:13). නුමුත් සමහර අවස්ථාවන් වලදී අභියෝග වලට මුහුණදීමට දෙවියන්වහන්සේ අපව ඉඩහරින බවත් පාවුල් තුමා පවසා සිටියි.
එසේ ඉඩහැරීමට ඇති හේතුව ලෙසින් පාවුල් තුමා පෙන්වාදෙන්නේ, එවිට ඒවා තුලින් අපට උන්වහන්සේගේ බලය, විශ්වාස වන්තකම, මෙන්ම නොවෙනස් පොරොන්දුව ගැනත් දැනගැනීමට පමණක් නොව නුමුත් අත්දැකීමෙන් තේරුම් ගැනීමටත් හැකි අවස්තාවක් උදාවන පිණිසයි.
දුක්පිඩාවන් අපව ආත්මිකව පමණක් නොව නුමුත් ලෞකිකවද බලවත් මිනිසුන් හැටියට ගොඩනැගීමට උපකාරීවෙයි. ක්‍රිස්තියානි ජිවිතයේ අත්තිවාරම වන්නේ එයයි.
"තව දුරටත් අප දරුවො නම්, අප උරුමක්කාරයෝය. දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝ වශයෙන් අප ක්‍රිස්තුස් වහන්සේ හා සමගද සෙසු උරුමක්කාරයෝ වන්නෝය. ඒ අනුව අප ක්‍රිස්තුස්වහන්සේ හා සමග දුක්විදීමට පංගුකාරයන් වන්නෝ නම්, උන්වහන්සේගේ මහිමයේ පංගුකාරයන්ද වන්නෝය."
-රෝම 8:17
දුක් කරදර වේදනාවන් මෙන්ම පීඩාවන් වලට මුහුණ දීමේදී ඒවා තුලින් අප තේරුම් ගැනීමට පැමිණෙන්නේ අප තුල ජිවත්වන ඒ ජීවමාන දෙවියන්වහන්සේගේ ගැනයි. උන්වහන්සේගේ අසීමිත ප්‍රේමය සහ කරුණාවේ විශාලත්වයයි.
එසේම යම්කිසි පුද්ගලයෙකු දෙවියන්වහන්සේගේ අසීමිත ප්‍රේමය සහ කරුණාව අත්දකින විටදී ඉගෙන ගන්නේ, මිනිසුන් හැටියට අප කොතරම් දුරට දුර්වලවී සිටින පව්කාරයන්ද යන යථාර්තයයි. ඒවා දෙවියන්වහන්සේගේ ප්‍රඥාව සහ මඟපෙන්වීම තේරුම් ගැනීමටත් මිනිසුන් හැටියට උන්වහන්සේගේ පිහිට උපකාරය නොමැතිව අප පරාජිතයන් බව තේරුම් ගැනීමටත් පිහිට වෙයි. එහි අවසානය වන්නේ, ඇදහිලිවතයන් හැටියට අප වෙනුවෙන් ඇති දෙවියන්වහන්සේගේ සැලැස්ම සහ කැමැත්ත තේරුම් ගැනීමට පැමිණීමයි.
ජීවිතයට හමා එන නොයෙක් ආකාරයේ අභියෝග හමුවේදී උන්වහන්සේගේ අස්වැසිල්ලත්, කරුණාව සහ දයාවත්, පිහිට උපකාරය මෙන්ම හාස්කමත් අත්දැකීමට හැකිවන වාතාවරණයද අප ඉදිරියේ විවරවෙයි. මේ ක්‍රියාධාමයේ අවසානය වන්නේ ඇදහිල්ලේ යෝදයන් වෙමින් උන්වහන්සේගේ ජීවමාන භාවය අත්දුටු සාක්ෂිකාරයන් බවටද පත්වීමයි.